පහත කවිය සමඟ බැඳුන සුන්දර මතකයක් තියෙනවා. ඒ කාලේ මං කැම්පස් එකේ යාලුවො කට්ටියක් එක්ක බෝඩින් හවුස් එකක් අරගෙන හිටපු කාලේ. දවසක් හවසක අපි කතා බහ කරමින් ඉන්න වෙලාවක අපිත් එක්ක හිටපු යාලුවෙක් මූඩ් ගහලා කල්පනා කරමින් ඉන්නවා. ඒ ගැන අපි විමසූ විට ඔහු පැවසුවේ කැම්පස් එකේ සිටින එක්තරා ගැහැණු ලමයෙකු පිළිබඳ ඔහුට අදහසක් ඇති බවත්, ඔහු එය පැවසූ නමුදු යහපත් ප්‍රතිචාරයක් නොමැති බවත් ය. මෙය අසා සිටි තවත් යාළුවෙකුගේ අදහස වුයේ මා ලවා කවියක් ලියවාගෙන මේ ගෑණු ලමයාට යවන ලෙසටයි.
ඒ අනුව එලෙස ලද ඉල්ලීමට අනුව මා ජීවිතයේ දේවල් බෙදා ගන්නා එකම තැන වන, මගේ හැඟීම් මතකයන් ලියවී ඇති මගේ දුරකතනයේ Note Pad එකෙහි මා ලියා තිබූ එක් කවියක් වෙනස් කොට පහත කවිය මන් යාලුවා වෙත ලබා දෙනවා. මේ කවිය යැවූ දවසෙම මේ ගෑණු ලමයාගේ කැමැත්තත් ලැබෙනවා.
මිතුරකු ලෙසින් සිටියත් මං ඔබේ ලඟින්..
මගෙ කරගන්න පැතුවේ මං ඔබව ඉතින්..
වෙනකුගෙ වෙලා සිටියද ඔබ අතේ දුරින්..
මගේ ලඟට එන්නේ කවදා ද ඉතින්..
මගෙ කරගන්න පැතුවේ මං ඔබව ඉතින්..
වෙනකුගෙ වෙලා සිටියද ඔබ අතේ දුරින්..
මගේ ලඟට එන්නේ කවදා ද ඉතින්..
ඔබ සමග ඇවිදින්න හැම තැනම ආදරෙන්..
අහසෙ ඇති තරු වලට නම් තියන්නට හොරෙන්...
මල් වලින් ඔබෙ කොන්ඩෙ සරසවන්නම් ඉතින්..
එන්න මගෙ උනුසුමට යන්න දෙනු නෑ ලඟින්...
අහසෙ ඇති තරු වලට නම් තියන්නට හොරෙන්...
මල් වලින් ඔබෙ කොන්ඩෙ සරසවන්නම් ඉතින්..
එන්න මගෙ උනුසුමට යන්න දෙනු නෑ ලඟින්...
මුලු හදේ ආදරය ඔබ නමින් රැක ගනිමි..
ඔබ කැමති වන තුරා කල්පයක් වුව ඉදිමි...
නුබ සමග සිටින හැටි හිතින් මම රස විදිමි...
මා සොයන ආදරේ නුබෙන් මං විඳගනිමි...
ඔබ කැමති වන තුරා කල්පයක් වුව ඉදිමි...
නුබ සමග සිටින හැටි හිතින් මම රස විදිමි...
මා සොයන ආදරේ නුබෙන් මං විඳගනිමි...
මගේ මුලු අත්මය ඔබ කෙරේ කැප කරමි....
වෙන කෙනෙකු හට ඉඩක් කිසිම දින එහි නොදෙමි..
ඔබේ මුලු ලෝකයම වෙන්න මම ආස වෙමි....
කෙල්ලෙ මට බහ දියන් මම නුඹට පෙම් කරමි....
වෙන කෙනෙකු හට ඉඩක් කිසිම දින එහි නොදෙමි..
ඔබේ මුලු ලෝකයම වෙන්න මම ආස වෙමි....
කෙල්ලෙ මට බහ දියන් මම නුඹට පෙම් කරමි....

0 Comments