එදිනද වැහිබර අඳුරු දිනයක් වුවද ලන්ඩනයේ රීජන්ට් වීදිය විදි ලාම්පු වල ආලෝකයෙන් ආලෝකමත් වෙලා තිබුණා. වීදියේ අඳුරු මුල්ලකට වී සිගරට්ටුවක් දල්වාගත් ඌතර් ඔහුගේ මීලඟ ගොඳුර වෙත කුරුමානම් අල්ලමින් සිටියේ එතැනින් යන මිනිසුන් දෙස තියුණු බැල්මක් යොමමින්.
එදින සිකුරාදා දිනයක් වූ බැවින් පාරේ ගමන්ගත් මිනිසුන් තුල වූ උද්යෝගමත් බව හා සැහැල්ලු ස්වරූපය ඌතර් වෙත ඔවුන් කෙරේ දැඩි නොරිස්සුම්බවක් ඇති කිරීමට සමත් වුනා. ඌතර් සතුව ලන්ඩන් නගර මධ්‍යයේ විශාල නිවසකුත්, කුලියට ලබා දී තිබූ නිවාස හා කඩ කාමර කීපයත් ඊට අමතරව විශාල ධනයකුත් තිබූ බැවින් එදින පාරේ එහෙ මෙහෙ සැහැල්ලුවෙන් ඇවිදින බහුතරයක් මිනිසුන් මෙන් රැකියාවක් කිරීමට ඌතර්ට කිසිදු අවශ්‍යතාවක් නොවීය. එසේ නමුත් තමන්ට එවැනි සැහැල්ලුවක් නිදහසක් දැනුණු දවසක් තුබුණි දැයි මතකයට නංවා ගැනීමට ඌතර් උත්සහ කලද එවැනි දිනක් ගැන ඔහුගේ මතකයේ නොමැත... මේ හැඟීම් වලින් අතරමංව සිටි ඌතර් උගුරට දෙකට ඔහුගේ සිගරට්ටුව ඇද දමා ඉතිරි සිගරට් කොටය අසල කාණුවට විසි කලේය. සීතලට තාවකාලික පිළියමක් ලෙස තම දෙඅත් එකට අතුල්ලා ගනිමින් උණුසුම් වෙමින් රීජන්ට් වීදියේ කෙලවර තිබූ ද විග්මෝර් බාර් එකට ඇතුළු වූ ඌතර් තම වැහි කබාය උනා දමා බාර් කවුන්ටර් එක වෙත ගොස් විස්කි වීදුරුවක් ඇණවුම් කලේ ය.
එම ප්‍රදේශයේ වූ විශාලතම බාර් එක වූ විග්මෝර් බාර් එක ආතර්ට ඉතාමත් හුරු පුරුදු තැනකි. මෙය බාර් එකක් ලෙස ප්‍රසිද්දවී තිබුණද තරමක සමාජ ශාලාවක ස්වරූපයක් ගත්තේ එක් පසෙක නිරන්තරයෙන් ඇසෙන සංගීතයත් ඒ අසල නටමින් සතුටු වෙන පිරිසත්, තවත් පසක වූ කුඩා ක්‍රීඩා ප්‍රදේශයත් එමෙන්ම උඩු මහලේ තිබූ නවාතැන් පහසුකම්ද නිසා ය. විස්කි වීදුරුව තොලගාමින් ටික වේලවක් එහි ගතකල ඌතර් ඒ අසල මේසයක් මත වාඩි වී සිටි සුන්දර කාන්තාව දෙස කීප වරක්ම අනුරාගී බැල්මක් හෙලුවා. දුඹුරු පැහැයට මිශ්‍ර සුදු සමක් සහිත, අඩි හයක් පමණ උස දේහදාරී කඩවසම් මෙම තරුණයාගේ තියුණු වූත් අනුරාගී වූත් බැල්ම මඟ හරින්නට නොහැකි වූවා සේ මේ සුන්දර කාන්තාව ද වරින් වර හොරැහින් ඔහු දෙස බැලුවා. එහි සිටි වේටර් වරයකුට ලඟට පැමිණෙන ලෙස ඇස් වලින් සන් කල ඌතර් ඔහු අතේ යම් මුදලක් තබා ඔහු දෙස හොරැහින් බලන මේ සුන්දර කාන්තාව වෙනුවෙන් ශැම්පේන් වීදුරුවක් ඇණවුම් කලේ ය.
එම වේටර්වරයා රැගෙන ගිය ශැම්පේන් වීදුරුව මේ සුන්දර තරූණිය පිළිගන්නේ දැයි ඌතර් කුතුහලයෙන් එදෙස බලාගෙන සිටියා. එය පිළිගෙන ඈත සිට ඔහු වෙත සිනාවකින් සන්ග්‍රහ කරන මේ තරුණියට ඌතර්ද තම විස්කි වීදුරුව දිගු කර දුර සිටම සිනහවකින් සංඟ්‍රහ කලා. තව විනාඩි කිහිපයක් තමා සිටි මේසයේ ම සිටිමින් විස්කි වීදුරුවේ අවසන් උගුරු කීපයත් තොල ගෑ ඌතර් චාම් හිනාවකින් මුහුණ සරසාගෙන මේ සුන්දර තරුණිය වෙත පියමන් කලා. ඇය ඇත්තටම සුන්දර තරුණියක්, කළු පැහැති සිහින් පටි සහිත සරල කෙටි ගවුමකින්ද, ඊට ගැලපෙන කළු පැහැහි කුඩා කරාබු දෙකකින් ද, කැඩූ කොණ්ඩය එක් උරහිසක් මතින් එක් පසකින් ද, සිහින් නමුදු පිරුණු සිරුරකින්ද සැරසුනු ඈගේ ලස්සන ඌතර් ඇස් දෙක පුරාම විඳ ගත්තා.
" හායි, මම ඌතර්. මේ ටේබල් එකේ කවුරුත් නැත්නම් මං මෙතනින් වාඩිවෙන්න ද?"
ගැඹුරු නමුදු සැහැල්ලු කටහඬකින් ඌතර් එසේ විමසන විට ඊට විරුද්ධ වීමට හේතුවක් මෙ සුන්දර තරුණිය හට කිසිසේත් ම නොවීය. ඇත්තවශයෙන් ම මිල අධ්ක ඇදුමකින් පිළිවෙලට සැරසී සිටින මේ තරුණයා විස්කි වීදුරුවේ අවසන් උගුරු කීපය තොල ගාමින් කාලය විඩංගු කරන විට ඇය සිටියේ ඔහු ඈ වෙත නොපැමිනේ දැයි දෙගිඩියාවෙනි.
" හායි, මම ඇනා. මේ ටේබල් එකේ වෙන කවුරුත් නෑ"
තරමක ලැජ්ජාශිලී ස්වරූපයකින් ඇය එසේ පවසද්දී ලද අවසරයෙන් අසලින් වාඩි වූ ඌතර් ඈ සමඟ කතාවට වැටුනා.
" මම ඉන්නේ මේ එහා කින්ලි වීදියෙ ගෙදර, මට කාත් කවුරුවත් නෑ මං අනාතයෙක්.'' මෙලෙස පවසමින් ඌතර් පටන් ගත් කතාව ඔවුනොවුන්ගේ කතා වලින් පැයකට ආසන්න වෙලාවක් ඇදී ගියේ ඔවුන් දෙදෙනාටම නොදැනී.. මේ කාලය අතරතුර ඈට නිදහසේ කතා කළ හැකි වටපිටාවක් සකස් කරමින් ඊට සාවදානව ඇහුන්කන් දෙමින් නොපැහැදිළි තැන් පැහැදිළි කරගනිමින් ඌතර් ඈ ගිරවියෙක් ලෙස කියවන දේවල් උපේක්ශාවෙන් අහගෙන හිටියා. මේ කතාව අතරතුර ශැම්පේන් බෝතල් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් දෙදනාම පානය කර තිබිණි. මත්මතින් තමා පිළිබඳ හැමදේම තොර තෝන්චියක් නොමැතිව කියවූ ඇනාට තමාට මේ හමුවූ ආගන්තුකයා ගැන දැනුන ඒ හැගීම් ආගන්තුක වුනේ නෑ. ඌතර්ගේ මෘදු බව , සුන්දර හිනාව, කතා විලාශය නිසා ඇනාට දැනුනේ ඈ ඔහුව බොහෝ කාලයක් තිස්සේ දන්නා අඳුනන කෙනෙකු ලෙසයි.
එළියේ ඌ අධික සීතල විටෙක බාර් එකෙට ඇතුළුවන හෝ පිටවෙන අයෙක් නිසා ඉදිරි දොරෙන් ඔවුන් වෙත පැමින ඇනාගේ ඇඟ හිරි වැට්ටවීමට සමත් විය. ඌතර් තමා ඇඳ සිටි බ්ලේසර් එක ගලවා ඇයට ලබා දුන්න ද ඈ ටිකකින් එය ඉවත් කලේ වරින් වර එන ඒ සීතලට ඈ ආස බව පවසමින්. මේ නිසා විටක ඔහුගේ අත් වලින් ඇගේ දෙඅත් මෘදුව පිරිමදිමින් ඈව උණුසුම් කරන්නට ඌතර්ට සිදු විය. මේ ස්පර්ශය සීතලට වඩා වැඩි වේගයකින් ඇනාගේ ඇඟ හිරිවැට්ටවීමට සමත් විය. මේ ස්පර්ශයෙන් ඇනගේ හෘද ස්පන්ධනය වැඩිවී තොර තෝන්චියක් නැතිව කියවන ඇගේ තොල් පටවල් අතරින් වචන පැටලීමට පටන් ගත්තා. වචන පැටලෙන දෙතොල් අතරින් ලැජ්ජාවට වගේ රෝස පැහැ ගෙන තිබූ ඇගේ දෙකොපුල් තමා දෙසට හැරවූ ඌතර් ඇනාගේ මුහුණට වැටුණු කෙහෙරැල් තම ඇඟිලි තුඩු වලින් ගෙන ඇගේ කන පිටුපස සැඟවීය. ඇනාගේ අනුරාගී බවින් පිරුණු දිලිසෙන ඇස් වලින් ඇගේ දෙතොල් සිපගන්නා ලෙස කරන නිහඬ ආරාධනය වටහා ගත් ඌතර් ඇනා වෙත නැවී ඇගේ දෙතොල් තදින් සිපගත්තේ ය. ඌතර් දෙතොල් සිපගන්නා වේගය තරමක් වැඩි වෙමින් ඔහුගේ අතක් ඇගේ ගෙල වෙත යොමුවෙද්දීම තමාව පාලනය කරගත් ඌතර් ඒ දෙතොල් පහසින්ද, නාස්පුඪු පුරා විඳගත් තද ලැවන්ඩර් මල් සුවඳ හා සමාන ඇඟේ සුවඳින් මත් වූ තම සිතත් ගතත් එක්තැන් කරගනිමින් නැවත පියවි ලෝකයට ආවේය.
"මාව ගෙදරට අරන් යන්න"
ඔහුව ශර්ට් කොළරයෙන් අල්ලා ලඟට ඇදගත් ඇනා ඔහුගේ කනට කෙඳිරීය.
මේ ඇසුණු ඌතර්ගේ සිත උමතු සතුටකින් පිරී ගියද එය ඔහුගේ මුහුනෙන් නොපෙන්වා ඈ ඉදිරියේ සාමාන්‍ය ලෙස හැසිරීමට ඔහු කටයුතු කලේ ය. තමාගේ අරමුණ කෙසේ හෝ සාර්තක වුනේ යැයි තෘප්තියකින් ඔහුගේ හදවත පිරී ගොස් තිබුණා. අදාළ මුදලටත් අමතරව වැඩි මුදලක් වේටර් වරයා වෙත ලබා දුන් ඌතර් තම බ්ලේසරය ඇනාට අන්දවා නිවස කරා පියමන් කිරීමට එලියට බැස්සා. ඒ මොහොතේ පොද වැස්ස පහව ගොස් තිබූ නිසා තම වැහි කබායත් අතට ගෙන තවමත් තරමක් මත් ගතියකින් තමාගේ ඇඟට බරවී ගමන් කරන ඇනාගේ සුන්දර්ත්වය වීදියේ තැනින් තැන තිබූ ගෑස් ලාම්පු එළි වලින් විදගන්නට ද ඌතර් අමතක කලේ නෑ. 1910 වර්ෂයේ දවසක් වූ එඳින ඒ මොහොත රාත්‍රී 12ට ලංව තිබූ නිසා මූළු පරිසරයම දැඩි නිශ්ෂබ්දතාවයකින් වෙළී තිබුණා. ඒ නිශ්ශබදතාවය බිඳිමින් ඈතින් ඇසුන දුම් කෝච්චියේ නලා හඬ මීදුමින් පිරුණු එම රාත්‍රියට එක් කලේ දැඩි මූසල බවක්. ඉඳ හිට ප්‍රධාන මාර්ගයේ ගමන් කළ මෝටර් රථයක ශබ්දයක් හෝ ඔවුන් පසුකර යන මිනිසුන් කිහිපදෙනෙක් නොසිටින්න ඔවුන් මේ සිටින්නේ සුසාන භූමියකැයි යන හැගීමක් දෙදනා තුලම ඇති වෙන්වා නොඅනුමානය.
" ඔයාට මාව දැක්ක ගමන් මොකද හිතුනේ?" නිශ්ෂබ්දතාවය බිඳිමින් ඇනා දඟකාර ලෙස ඌතර්ගෙන් විමසීය.
මම මුලින්ම ඔයාව දකිද්දී ඔයාගේ මූනට ලයිට් එලිය වැටිලා මං හරියට ඔයාව දැක්කේ උදේ ඉර එලීයට දිළිසෙන වයලට් මලක් වගේ. මට එවලෙම ඒ මල ලඟට එන්න හිතුනා, ඊට පස්සේ ඒ මල් අල්ලලා බලන්න හිතුනා, ඊටත් පස්සේ ඒ මල ඉඹලා බලන්න හිතුනා දැන් මට ඒ මලෙන් රොන් බොන්න හිතිලා තියෙන්නේ බඹරෙක් වගේ...
හ්ම්ම්ම්... බඹරෙක් වගේ මලින් මලට යනවද එක මලක් ලඟ නතර නොවී?..
ම්ම්ම් නෑ මම ආස රොන් බොන මල මං ගාවම තියාගන්න හැමදාටම, හරියට අපි ලස්සම මලක් දැක්කාම ඒක කඩලා අරන් පොත් අස්සේ දාගෙන පරිස්සම් කරගන්නවා වගේ.
එහි තේරුමක් නොතේරුණු ඇනා පහත් වී ඇගේ අඩි උස සෙරෙප්පු සහිත කකුලක සෙරෙප්පුවෙහි පටියක් බුරුල් කලේ ඒ වෙන විටත් ඇගේ කකුල කැපී ඈට දැනුන වේදන්නව නිසා...
එය දුටු ඌතර් ක්ෂණයකින් ඇනාව තම දෙඅත් මතට වඩා ගත්තේ ගොදුරක් දැහැගත් කොටියකු විලාසයෙන්..
"තව පොඩ්ඩ දුරයි මගේ ගෙදරට" ඔහු එසේ පැවසුවේ ආදරනීය ලෙස ඇනාගේ සීතල දෙකොපුල් මතින් උණුසුම් හාදුවක් තබමින්..මුකුත්ම නොකී ඇනා සීතලට ඌතර්ගේ පපුවට තුරුළු උනා.
ඇනාව වඩා ගෙනම ඉදිර්පස ගේට්ටුව ඇරගෙන විශාල මන්දිරයක් වැනි ඌතර්ගේ නිවසට ඔහු ඇතුළු උනා. ගෑස් ලාම්පු එළියෙන් නිවස ඉදිරිපසත් නිවසේ තැනින් තැනත් ආලෝකමත් වී තිබුණ ද නිවසේ බොහෝ කොටසක් ඝණ අන්දකාරයෙන් වෙලී ගොස් තිබුණා. අන්දකාරය අතරින් ඇතුළු වුන ඌතර් එක් කාමරයකට ගොස් එහි දොර ලොක් කර ඇනාව ඇඳ මතින් තැබීය. ඌතර් තම සාක්කුවේ වූ ලයිටර් එකක් ගෙන ඇඳ අසල වූ මේසයක තිබූ කුඩා ඉටිපන්දමක් දල්වාලීය. එහි එලිය කාමරය පුරා විසිර තිබූ ඝණ අන්දකාරය පලවාහරින්නට ප්‍රමාණවත් නොවූ නමුත් එය ඔවුන් දෙදෙනාට ඔවුන් දෙදෙනාව හොඳින් දැක ගැනීමට තරම් ප්‍රමානවත් විය.. ඇඳමත සිටි ඇනාව අතින් ඇඳ තමා වෙත ලන් කරගත් ඌතර් ඇගේ දෙතොල් තදින් සිපගත්තා. එහි වේගය වැඩිවත්ම ඇගේ බෙල්ල ඔහුගේ දරඳඬු අත් වලට හිරවීය.. දෙදනාගේම වේගවත් හුස්ම හඬ මුළු වාතලයම වෙලා ගත්තේය. අවට ඇති සීතල පරදවමින් දෙදෙනාගේ ම ශරීර රාගයෙන් උනූසුම්ව ඇත.
එම දීර්ඝ සිපගැනීම අතරතුරම ඇනා ඇඳ සිටි ගව්ම උරහිසින් පන්නා ඉවත් කල ඌතර් ඔහුගේ දෙතොල් බෙල්ල හරහා ඇගේ ශරීරය පුරා ගමන් කරද්දී අඩවන් දෙනෙතෙන් යුතුව ඔහුගේ දෙස කාමුක බැල්මකින් බලා සිටින ඇගේ ඇඟ දිගේ රූරා ආ දාඩිය බිංදුවක් ඇගේ නාභිය අසල දී ඔහුගේ දෙතොල් වලින් අල්ලාගන්නට ඔහු සමත් උනා. මෙලෙස ටික වෙලාවක් ගත වුනා දැඩි හුස්ම හඬවල් වා තලයට මුසුවුනා. එක් වරම ඇනාට හිතාගත නොහැකි ඉක්මනින් ඇගේ අත් හා කකුල් වලට මාංචු වැටී යන්නේ ක්ෂණයක වේගයකින්.. ඇඳෙහි වත කෙළවර හතෙරෙහි වූ එම මාංචු වලින් හිරවූ අනාගේ දෙඅත් හා කකුල් එහාට මෙහාට කරමින් ඇනා නැගිටින්න උත්සහ කළ ද ඉන් පලක් නොවීය...ඌතර් කලුවර අතරේ සැඟවී ගොස් ය. මෙතෙක් වෙලා ඇනාගේ තුන් හිතකවත් නොතිබූ බයක් ඇනාගේ සිත තුලට මෝදු වෙමින් පවතී.
"ඌතර් ප්ලීස් මාව ලෙහන්න, අපි මේ දේවල් වලට දැන්ම කල් වැඩියි." ඇනා ඌතර්ගෙන් ආදරනීය ලෙස මෙසේ ඉල්ලුවත් ඌතර්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීය.
එලෙස මොහොතක් ගත විය. තමා ගැන හැමදේම මේ මිනිහට කියලා ඉවරයි. මං මෙහෙම ගමනක් එනවා කියලවත් කාටවත් කිව්වෙත් නෑ.. අනික මං මේ ලංඩන් වලට නිවාඩුවකට ආපු ගමනක්. තමා ගත් තිරණයේ බරපතලකම ඇයගේ ඔලුවට ආවේ ඒ මොහොතේ දීයි. ඒ මොහොතේම එතෙක් වෙලා අවට පැතිරී තිබූ ඝණ අන්දකාරය පලවා හරිමින් කාමරය තුල වූ ගෑස් ලාම්පු එලිය කාමරය පුරා පැතිර ගියේය. ඒත් සමඟම ඇනාගේ ඇස් ඉදිරියේ වූ දර්ශනයෙන් ඇගේ ඇඟ හිරි වැටී ගියා.
එම කාමරයේ බිත්ති පුරා විසිරී ගිය ලේ පැල්ලම් අතීතයේ සිදුවු බයානක සිදුවීම් රාශියක සේයාවන් මවා පෙන්වීය.
අසල තිබු මේසයක් අසල කුඩා පෙට්ටියකින් පිහි, අඬු ආදී විවිධ ආයුද පසෙකින් තබමින් සිටි ඌතර්ගේ මුහුණ දුටු ඇනාගේ හදවත මොහොතකට නතර වීය.. ඒ තව දුරටත් ඇය පෙර දුටු පුද්ගලයා නොවීය. ඔහුගේ මුහුණ වියරු වැටී ඇත. ලේ රතු පාටට හුරු ඇස් ගින්දර මෙන් දිලිසෙමින් තිබුණි. ඒ මොහොතේ උඩු කය නිරුවත්ව සිටි ඌතර්ගේ මුළු ඇඟම කැපුම් පහරවල් යැයි සිතිය හැකි විවිධ ආකාරයේ කැලැල් වලින් පිරී තිබුනා.
ඒ වනවිට ඇනාගේ මුළු ඇඟම සීතල වී ගොස් මඳ ක්ලාන්ත ගතියක් දැනුන ද, සිදුවීමට යන දෙය තේරුම් ගත් ඇනා තම ශරීර ශක්තිය එකතු කරගෙන හැකි උපරිම ශක්තියෙන් කෑ ගැසුවේ ඒ නිහඬ රාතියේ කිසිවෙකුට එය ඇසෙනු ඇතැයි බලාපොරොත්තුවෙනි..
"උබ ඇති තරම් කෑ ගහපන්, මේ කාමරයෙන් එලියට කිසි ශබ්දයක් ඇහෙන්නේ නෑ"
එසේ පවසමින් ඌතර් ඇනා වෙත ලං උනේ ඇගේ ජීවිතයේ දරුණුතම බිහිසුනුම මොහොත උදා කරමින්.
ඒ ඇරඹුනේ වේදනාවේ හෝරාවයි. ඇනාගේ වේදනාත්මක කෑ ගැසීම කාමරයේ අස්සක් මුල්ලක් නෑර වා තලය පුරා පැතිර ගියා. මුළු ඇඳ ම ඇගේ රුධිරයෙන් තෙත බරිත උනා.. ඇතැම් විටක මාරාන්තික කැපුමක් තුලින් විසිවූ රුධිරය බිත්තිය පුරා වේදනාත්මක සිතුවම් නිර්මාණය කලා. මෙලෙස හෝරා කිහිපයක් ගත වනවිට ඇගේ වේදනාත්මක කෑ ගැසීම වේදනාත්මක කෙඳිරියක් බවට පත් වෙමින් අවසානයේ ඇගේ ජීවිතය අවසන් කර දමන ලෙස හීන් කෙඳිරියක් වූ අයැදීමක් බවට පරිවර්තනය වුනා.. ඇය මෙලෙස ජීවිතය අවසන් කරන ලෙස අයැදිද් දී සතූටින් කුල්මත් වූ ඌතර් මහ හඬින් වියරුවෙන් මෙන් හිනා උනා. ඌතර්ට මේ අයැදීම හරහා තමාගේම අතීතය සිහිපත් වුනා.. ලේ තැවරුණ දෑතින් ම සිගරට්ටුවක් දල්වාගත් ඌතර්ගේ සිත නැවත තම අතීතයට දිව්වා.
Every story grows with the voices of its readers. I’d love to hear yours in the comments.
දිනය 1895 වර්ෂයේ දවසක් විය. ස්ථානය මාතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ ගම්මානයක්. ඊළඟ කොටසට මෙතනින්

0 Comments