ඔබ වටා ඇති දුවිලි දුම් වළු වලට පෙම් කර ඇත මෙමා.



හදේ පාලුව මකා ලන්නට දහස් ගනනක් තාරුකා.

ඈත අහසේ ඉමක් නොපෙනෙන දුරක් දක්වා පයලා.

එතරු අතරින් දිලී සැලෙනා පුංචි තරු කැටයක් වෙලා.

මහද පමණක් එලිය කල මැන හඳෙහි ගැඹුරෙම පායලා



එලිය නොකලද මගේ හද  එලිය නුබෙ නොවෙයැයි කියා.

දැන සිටිය මී සඳක් නොව නුඹ එලිය නුඹගේ මයි කියා.

නමුදු කිසි දින විමසුවේ නැත එලිය සඟවනු ඇයි කියා.

ඉරක් මෙන් මම එළිය දුන්නෙමි හුඟක් ආදරෙ මී කියා.



මා බිඳිය හැකි නොවෙයි ඔබ හට එලිය මාගෙන් සඟවලා.

අඳුරු ලෝකය වෙහෙසකර බව මගේ මුළු ලෝකය වෙලා.

පමණි මා එලියට ඔබේ පෙම් කරණු ඇත සිතුවත් ඔයා.

ඔබ වටා ඇති දුවිලි දුම් වළු වලට පෙම් කර ඇත මෙමා.




Post a Comment

0 Comments